කේරළ ගංජා කිලෝග්රෑම් 53 ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් ඩෙල්ෆ් දූපතේ පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) ධීවර යාත්රාවක් සමග ඉන්දීය ජාතිකයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී ඉන්දියාවේ සිට මෙරටට ප්රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 53 ක්ද සොයාගෙන ඇත. එම පුද්ගලයන් සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




