ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ හා සටන් ක්රම පිළිබඳ 7 වන කාර්යාංශ ප්රධානී නාවික හමුදා මාණ්ඩලික ප්රධානී හමුවෙයි
ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ සහ සටන් ක්රම පිළිබඳ 7 වන කාර්යාංශ ප්රධානී, රියර් අද්මිරාල් පැස්ක්වාලෙ ඩි කැන්ඩියා මහතා අද (11) නාවික හමුදා මූලස්ථානයේදී ශ්රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ෂවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්ර වෑත්තෑව මහතා, අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සහ ශ්රී ලංකාවේ ඉතාලි ආරක්ෂක උපදේශක කපිතාන් මාර්කෝ ටෙරිනෝනි මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.




