නාවික හමුදාධිපතිතුමා හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (11) හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලදි. මෙහිදි නාවික හමුදාධිපතිතුමන් හම්බන්තොට වරායේ ආරක්ෂාව සඳහා යොදවා ඇති නාවික හමුදා පුද්ගලයින් සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ පරික්ෂාවක් ද සිදු කෙරිණි.
මෙම චාරිකාවාරය අතරතුරදී නාවික හමුදාධිපතිතුමන් විසින් හම්බන්තොට වරායේ ක්ෂණික විහිදුම් කළාපයේ ඉදි කරන ලද ගොඩනැගිල්ල විවෘත කරන ලදි. එහිදී නිලධාරින් සහ නාවිකයින් ඇමතූ එතුමන් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලගා වීම සඳහා නාවික හමුදා පුද්ගලයින් විසින් කරන ලද සේවයේ ඉතාමත් පැසසුම් සහගත බවයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් හට සමරු තිළිණයක් ද ලබා දුන් අතර, මේ සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් සහභාගී විය.














