නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයන් උච්චමුනිය සහ පළුගහතුරෙයි යන මුහුදු ප්රදේශයන්හිදී මෙසේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිට ඇත. එහිදී ඩිංගි යාත්රා 4 ක්, තහනම් දැල් 18 ක්, GPS යන්ත්රයක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 269 ක්ද අත්අඩංගුවට පත්වූ අතර, එම පුද්ගලයන්, භාණ්ඩ සහ මසුන් තොගය ඉදිරි කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





