තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්රදානය කෙරේ
වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි.
ත්‍රීරෝද රථ 4 ක්, හෝම් තියටර් යන්ත්‍ර 16 ක්, එල්ඊඩී රූපවාහිනී 18 ක් රෙදි සෝදන යන්ත්‍ර 17ක්, ශීතකරණ 11 ක්, ජංගම දුරකථන 30 ක්, ලැප්ටොප් පරිගණක 18 ක් සහ අගල් 42 ත්‍රිමාණ රූපවාහිනියක්, නිත්‍ය නාවික යහසාධක අරමුදලේ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් හට ත්‍යාග වශයෙන් පිරිනැමුණි. ත්‍රීරෝද රථ 2 ක්, ජංගම දුරකථන 8 ක්, එල්ඊඩී රූපවාහිනී 8 ක්, රෙදිසෝදන යන්ත්‍ර 5 ක්, ශීතකරණ 3 ක්, ලැප්ටොප් පරිගණක 6 ක් සහ අගල් 42 ත්‍රිමාණ රූපවාහිනි යන්ත්‍රයක් ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් හට ත්‍යාග වශයෙන් පිරිනැමිණි.
නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ ගිණුම් හිමි සියළුම නාවික පුද්ගලයන් එම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ත්‍යාගලාභී නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.





























