කේරළ ගංජා කිලෝග්රෑම් 45 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (16) එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 45 ක් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ගංජා තොගය වල්ලම්ක් මගින් ගොඩබිම දෙසට ප්රවාහනය කරමින් සිට ඇති අතර, විශේෂ ඩිංගි යාත්රා මෙහෙයුමක් අතරතුරදී සිදු කළ පරීක්ෂා කිරීමකදී ඔවුන් මෙසේ නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අඩම්පන් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


