ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක නිලධාරී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක, වයිස් අද්මිරාල් ඩීඑම් දේශ්පාන්ඩේ මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. එම පිළිගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් ඩීඑම් දේශපාන්ඩේ මහතා නාවික හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මුණගැසිණි.
ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත වූ අතර, දෙරට අතර ඇති ඓතිහාසික සබඳතා මෙන්ම දෙරටේ හමුදාවන් අතර පවතින මිත්‍රත්වයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





