නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත්, තලෙයිමන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී, පුපුරණද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක් , කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 4 ක්, පා වරල් යුගල් 3 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 8 ක්, ජෙලට්නයිට් කූරු 4 සහ GPS යන්ත්‍රයක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.



