කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් අද (22) තොරන්කාඩු ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 යි ග්රෑම් 250 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

