නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර හා උතුරු නාවික විධානයන්හි චාරිකාවක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය 21 වන දින නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය. එහිදී, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එහිදී, නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය, නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ පුල්මුඩේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි යන ආයතනයන්හි නිරීක්ෂණ චාරිකාවාරයන්හි ද නිරත විය. ඉන් අනතුරුව එතුමා එම ආයතනයන්හි අණදෙන නිලධාරීන් ප්‍රධාන නිලධාරීන් සහ නාවිකයන් ඇමතීමට ද කටයුතු කරන ලදී.
එමෙන්ම, නාවික හමුදාධිපතිතුමා ඊයේ (22) උතුරු නාවික විධානයෙහි ද නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් එතුමා උතුරු නාවික විධානය වෙත සාදරයෙන් පිළිගන්නා ලදී. එම චාරිකාවාරය අතරතුරදී නාවික හමුදාධිපතිතුමා නාගදීප රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත් අතර, නාවික හමුදාව විසින් එම විහාරස්ථානයේ සහ එළුවතිව්, ක්‍රිස්තියානි දේවස්ථානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනතා අයිතියට පත් කිරීම ද එතුමා අතින් සිදු විය.
ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා උතුරු නාවික විධානයට අයත් නාවික කඳවුරුවල නිරික්ෂණ චාරිකා වාරයන්හි නිරිත විය. එහිදී, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, අග්බෝ, එළාර, කංචදේව, වසභ සහ ගෝඨයිම්බර යන ආයතනයන්හි සංචාරය කිරීමෙන් අනතුරුව නිලධාරින් සහ නාවිකයින්ගේ සුව දුක් විමසීමට ද කටයුතු කරන ලදී. පසුව එම නාවික පුද්ගලයන් ඇමතූ එතුමා ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලඟා වීමට ඔවුන් විසින් කරන ලද සේවය ඉතාමත් පැසසුම් සහගත බවයි. සයුරේ මෙන්ම ගොඩබිමෙහි මෙහෙයුම් සඳහා නිරන්තර සූදානම් බව පවත්වා ගැනීම සහ පැවරී ඇති අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම සඳහා නිලධාරීන්ගේ මෙන්ම නාවිකයන්ගේ කැපවීමද එහිදී එතුමාගේ ඇගයීමට ලක් විය.
නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරය
ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය




ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය


ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය




උතුරු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරය
ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය




ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය


ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය


ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය


ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය












ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය



