අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක. ඒ අනුව අනුරාධපුර ශාන්ත ජෝශෆ් මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (25) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
මෙමගින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 3250 දෙනෙකු, ගුරුවරුන් 138 දෙනෙකු සහ අනධ්‍යන සේවක මණ්ඩලයේ 24 දෙනෙකු සඳහා පිරිසිදු පානීය ජලය සපුරා ගැනිමට හැකියාව ලැබී ඇත. මේ සඳහා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කෙටි කාලයක් තුළදී අඩු පිරිවැයක් දරමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය නිපදවා ඇත.
මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 113 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 50,455 කට හා පාසැල් දරු දැරියන් 43,850 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් පවතින අතර, මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ප්‍රදේශයේ ක්‍රිස්තියානි පල්ලියේ පියතුමන්, ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන්, පාසලේ සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද සහභාගී වී සිටියහ.








