නාගදීප විහාරස්ථානයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ
නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මුචලින්ද නාග දරණාරූඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා පූජා කිරීම අද (26) ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් සිදු කෙරිණි.
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපානන්ගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ඩීඑම්එස් ජයවර්ධන මහතාගේ නිර්මාණයක් වශයෙන් මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කෙරිණි.
මෙම පුණ්‍ය කර්මය සඳහා ඉඩම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, සරත් චන්ද්‍රසිරි විතාන මහතා, නාවික හමුදාධිපතිතුමන්, හිටපු නාවික හමුදාධිපතිවරයෙකු මෙන්ම වර්තමානයේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කරන අද්මිරාල් දයා සඳගිරි මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.








