ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, පදවිය බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ සහ පදවිය, බිසෝකොටුව ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (28) ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ අනුව බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ සිසු දරු දැරියන් 1200 දෙනෙකු, ගුරුවරුන් 50 දෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 720 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා එක්සත් රාජධානියේ “සොදුරු හිතැත්තෝ” සංවිධානය හා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල මගින් මූල්‍යමය දායකත්වයන් ලබා දී ඇත. එමෙන්ම, බිසෝකොටුව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 560 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබී ඇති අතර, ඒ සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.
මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 117 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 52,810 කට හා පාසැල් දරු දැරියන් 45,100 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.








