නීති විරෝධී ගංජා හේනක් වැටලීමට සහ මුව මස් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව තණමල්විල ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුව මස් කිලෝග්රෑම් 26.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා සහ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එදිනම ඔවුන් කතරගම ප්රදේශයේ සිදු කළ වැටලීමකදී විශාල ප්රමාණයේ ගංජා හේනක් සොයා ගැනීමට සමත් විය. එහිදී, හොදින් වැඩුනු ගංජා ශාක 3000 ක් පමණ ගිනිතබා විනාශ කිරීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් සහ කතරගම විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කටයුතු කරන ලදී.




