නාවික හමුදාධිපතිතුමන් ඉන්දීයානු යුද හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානීන් හමුවේ
දින පහක නිළ සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසු ගිය මස 30 වන දින ඉන්දීයානු යුද හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානීන් හමුවන ලදි.
ඒ අනුව නාවික හමුදාධිපතිතුමන් ඉන්දීයානු යුද හමුදාධිපති ජෙනරාල් බීපින් රාවත් මහතා සහ ඉන්දීයානු වෙරළාරක්ෂක බළකායේ අධ්යක්ෂ ජෙනරාල් රාජේන්ද්‍ර සීං යන මහත්වරුන් ඉන්දියාවේ නවදිල්ලී නුවරදී හමුවන ලදි. මෙහිදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා අතර, මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.
නාවික හමුදාධිපති ඉන්දීයානු යුද හමුදාධිපති හමුවීම


නාවික හමුදාධිපති ඉන්දීයානු වෙරළාරක්ෂක බළකායේ අධ්යක්ෂ ජෙනරාල්තුමන් හමුවීම