නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරණ අධි තාක්ෂණික නෞකාවන්ගේ නිරික්ෂණ චාරිකාවක නිරත වේ
දින පහක නිළ සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (1) ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරණ නවීණතම තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික නෞකාවන්හි නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය.
එහිදි නාවික හමුදාපතිතුමන් එම නැව් තටාකාංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් නැව් තටාකාංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂකතුමන් සමග සුහද පිළිසදරක නිරත විය. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් එහිදි සිදු කරන ලදි. මෙහිදි නාවික හමුදාධිපතිතුමන් හට නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂකතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් නෞකාවන්හි ඉදිකිරිම් සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනයක් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති තුමන් සිය හෘදයාංගම ස්තූතිය එම නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලය වෙත පිරිනමන ලදි. මේ අතරතුර නාවික හමුදාධිපතිතුමන් ඉන්දිය වෙරළාරක්ෂක බළකායට අයත් නෞකාවක සුළු අවි පිළිබද ප්‍රයෝගික පුහුණු අභ්‍යාසයකට ද සහභාගි විය. මේ අවස්ථාව සඳහා නාවික ලේකම්, අධ්යක්ෂ නාවික විදේශිය මිලදී ගැනිම්,අධ්යක්ෂ නාවික අයවැය, නාවික හමුදාධිපතිගේ ලේකම් සහ අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.





