බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත් “තාජුඩීන් ”නෞකාව ත්රිකුණාමලය වරායට
බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත්“තාජුඩීන්”නැමති නෞකාව අද (3)ත්රිකුණාමලය වරායට සේන්දු විය. සුහද සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් සුහදව පිළිගන්නා ලදී.
නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් මොහොමඩ් හසන් තාරික් මහතා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර්අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.
මෙම නෞකාව පෙබරවාරි මස 4 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, මෙකී කාලය තුළ දෙරටේ ද්විපාර්ශ්වීය මිත්රත්වය වර්ධනය කර ගැනිමේ අරමුණින් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් කිහිපයකටද මෙහි කාර්යය මණ්ඩලසහභාගී වීමට නියමිතව ඇත.





