ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව යයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, ඊයේ (3) සවස පකිස්ථානයේ පැවැත්වෙන අමාන් අභ්‍යාසය සඳහා සහභාගී වීමට කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත්ව යන ලදී. සමුදුර නෞකාව පෙබරවාරි මස 9 වන දින පකිස්ථානයේ කරච්චි ප්‍රදේශයට සේන්දු විමට නියමිතව ඇති අතර, මෙම සංචාරය සඳහා නාවික පුද්ගලයින් 186 දෙනෙකු හා මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ පුද්ගලයින් 8 දෙනෙකු සහභාගී විය.
අමාන් නාවික අභ්‍යාසය විවිධ වු ක්‍රියාකාරකම් හා වැඩසටහන් සමගින් 2017 පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වා කරච්චි ප්‍රදේශයේ පැවැත් වීමට නියමිතව ඇත. මේ සඳහා රටවල් 21 ක නාවික හමුදාවන් සහභාගී වීමට නියමිතය.





