වසර 34ක සේවය නිමා කරමින් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිළධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා සිය 34 වසරක සේවය නිමා කරමින් අද (6) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය සුභාසිංශන එක් කරන ලදී. ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කරන ලදී.
ඉන්පසු සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරියා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සමුදෙනු ලැබිණි. මාර්ගය දෙපස රැදී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එහිදී එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කරන ලදී. 1983 වසරේ දී ඉඳුරාම බදවාගත් වෛද්‍ය නිලධාරීයෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති ඒ මහතා විවිධ නිලතල දරමින් සහ දෙස් විදෙස් පාඨමාලාවන් හැදෑරීමෙන් ලද දැනුම උපයෝගී කර ගනිමින් නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලදී. පරිනත මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, අනගි මෙහෙයක් ඉටු කර ඇත.











