ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමිව නාවික හමුදාවේ විශේෂ ශරිර සුවතා වැඩසටහන්
අදින් (6) ඇරඹෙන ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ විශේෂ ශරිර සුවතා වැඩසටහනක්, කොළඹ වරාය පරිශ්‍රයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදී. මෙහිදී එතුමන් විසින් ක්‍රීඩාවේ සහ ශරිර සුවතාවයෙහි ඇති වැදගත් කම සම්බන්ධයෙන් සහභාගි වු නාවික පුද්ගලයින් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් සහභාගී විය.
මෙම ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද (6) සිට ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේදී එහි සමාරම්භක උත්සවය පවත්වන ලදී.







