කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් මණ්ඩතිව් පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පල්ලීකුඩා ප්රදේශයේදී කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී කැස්බෑ මස් කිලෝග්රෑම් 6 ක් සහ කැස්බෑ බිත්තර කිලෝග්රෑම් 2. 5 ද අත්ඩඅංගුවට පත්වූ අතර, එම පුද්ගලයන්, මස් තොගය සහ බිත්තර ඉදිරි නීතිමය කටයුතු සඳහා පූනරින් පොලිසීය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

