නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 31 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මොවුන් අත්අඩංගුවට පත්වූයේ බලපත්ර රහිතව, තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන ධීවර කටයුතු සිදු කිරීම හේතුවෙනි.
එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 7 ක්, තහනම් දැල් (සුරුක්කු) 7 ක් , කිම්දිම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3 ක් සහ මුහුණු ආවරණ 12 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.





