නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
කැප්ටන් අශෝක් රාඕ මහතා ඉන්දියානු ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස එය සනිටුහන් විය. ප්‍රථමයෙන් ඔහු වෙත සිය සුභ පැතුම් එක් කිරීමට නාවික හමුදාධිපතිතුමා කටයුතු කළ අතර, ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් එහිදී ඔවුන් සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



