ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් රඹෑව රණවිරු ගම්මානය, මැදිරිගිරිය දියසෙන්පුර සහ මහවිලච්චිය දෙමටමල්ගම යන ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (8) ජනතා අයිතියට පත් කෙරිණි.
රඹෑව රණවිරු ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි, අනෝමා ෆොන්සේකා මහත්මිය සහභාගී විය. තවද, ගරුතර මහා සංඝරත්නය, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ රණවිරු ගම්මානයේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙමගින් රණවිරු ගම්මානයේ පවුල් 436 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වී ඇති අතර, මේ සඳහා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.
එමෙන්ම දියසෙන්පුර ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 360 කට සහ දෙමටමල්ගම ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 180 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙම ජල පිරිපහදු යන්ත්‍ර සඳහා ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී තිබිණි. මෙම සියළුම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය තාක්ෂණික දැනුම හා හැකියාව උපයෝගී කර ගනිමින් නිපදවන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 131 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 57,106 කට හා පාසැල් දරු දැරියන් 45,100 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.











