අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කෙරේ
නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2016 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු කුසලානය, මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කිරීම අද (9) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. ඒ අනුව අංශ 3 ක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වූ අතර, ඒ ඒ අංශ යටතේ මතු සඳහන් නිලධාරීන් සහ නාවිකයන් ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.
කොමාණ්ඩර් නිලයෙන් ඉහළ නිලධාරීන් සඳහා වූ අංශය
ප්‍රථම ස්ථානය | - | කොමාණ්ඩර් (සැපයුම්) පීඩීඩී දේවප්‍රිය |
දෙවන ස්ථානය | - | කපිතාන් (සැපයුම්) පීආර්පී ප්‍රනාන්දු |
තෙවන ස්ථානය | - | කොමාණ්ඩර් (විදුලි හා විද්‍යුත්) ආර්එම්ජීසී නවරත්න |
ලුතිනන් කොමාණ්ඩර් හා ඉන් පහළ නිලධාරීන් සඳහා වූ අංශය
ප්‍රථම ස්ථානය | - | ලුතිනන් කොමාණ්ඩර් ජේඑස්ඩී සිල්වා |
දෙවන ස්ථානය | - | ලුතිනන් ඩබ්එම්පීඑම්බී ඒරියාව |
තෙවන ස්ථානය | - | ලුතිනන් (සැපයුම්) ඩබ්එම්වයිඒ වනිගසේකර |
නාවිකයන් සඳහා වූ තරඟාවලිය
ප්‍රථම ස්ථානය | - | ලිපිකරු එස්කේකේඅයි අරවින්ද |
දෙවන ස්ථානය | - | ලිපිකරු එච්එම්සීඑස් හේරත් |
තෙවන ස්ථානය | - | වෛද්‍ය සහායක අයිඑම්ආර්ඒ බණ්ඩාර |
නාවික පුද්ගලයන්ගේ කියවීමේ, ලිවීමේ හා පර්යේෂණ ආශ්රිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම රචනා තරඟාවලිය ආරම්භ කරන ලදී. හිටපු නාවික හමුදාධිපතිවරයෙකු මෙන්ම මෙරට හමුදා ඉතිහාසයේ තම මව්බිම වෙනුවෙන් දිවිපිදූ ජ්‍යෙෂ්ඨතම හමුදාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වී සිටින අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මහතා හට ගෞරව කිරීමක් වශයෙන් 2015 වර්ෂයේ සිට එම තරඟය, අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලිය ලෙස නම් කිරීමට වත්මන් නාවික හමුදාධිපතිතුමන් විසින් තීරණය කර ඇත.
මෙම අවස්ථාවට නාවික ලේකම්, අධ්යක්ෂ නාවික විදේශිය මිලදී ගැනිම් හා අධ්යක්ෂ නාවික අයවැය, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි, අධිසහයක සහ නාවික ලේකම් කපිතාන් බුද්ධික ලියනගමගේ නාවික පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී, කපිතාන් රොහාන් ජෝසෆ් සහ එහි මාණ්ඩලික නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.
කොමාණ්ඩර් නිලයෙන් ඉහළ නිලධාරීන් සඳහා වූ අංශය




ලුතිනන් කොමාණ්ඩර් හා ඉන් පහළ නිලධාරීන් සඳහා වූ අංශය




නාවිකයන් සඳහා වූ තරඟාවලිය


