නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) කුඹුරුපිඩ්ඩි මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු (2) දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, ඩිංගි යාත්රාවක් සහ තහනම් දැල් 2 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


