පාකිස්තානයේ පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 සමාප්ති උළෙලට නාවික හමුදාධිපතිතුමන් එක් වේ
පාකිස්තානයේ කරච්චි නුවර ඊයේ (14) පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 හි සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වීය. වසර 2 කට වරක් පවත්වනු ලබන මෙම අභ්‍යාසය මෙවර පැවතියේ 5 වන වරටය. ඒ සඳහා ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් හට ද ඇරයුම් ලැබී තිබුණි.
රටවල් 36 ක සහභාගීත්වයෙන් පැවති මෙම අභ්‍යාසයේ (IFR - 2017) සමාප්ති උළෙල එරට අග්‍රාමාත්‍ය නවාෆ් ෂරීක් මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී. ඒ සඳහා රටවල් නවයක් (9) නියෝජනය කරමින් නෞකාවන් එක් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සමුදුර ද ඒ සඳහා සහභාගී විය. මෙම අන්තර්ජාතික නෞකා දැක්ම සඳහා ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, තුර්කිය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ රුසියාව යන රටවල් වල නාවික හමුදාවන් සහභාගී වූ අතර, දින 5 ක් පුරා පැවති මෙම අභ්‍යාසය පෙබරවාරි මස 10 වන දින ආරම්භ විය.




