නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (17) කරදක්කුලි ප්රදේශයේදී නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් හට සහාය විය. එහිදී නීති විරෝධී ලෙස කපා දැමූ පළු ගස් 3 ක් සහ ඒ සඳහා යෙදා ගත් ආම්පන්න කීපයක් ද අත්ඩඅංගුවට ගන්නා ලදී.
සිය ජාතික වගකීම නිසි පරිදි අවබෝධ කරගෙන ඇති නාවික හමුදාව සාගරයේ මෙන්ම ගොඩබ්මද සිදු වන නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම උදෙසා නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.

