නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හලාවත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) මුතුපන්තිය ප්රදේශයේදී නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අල්ලන ලද පොකිරිස්සන් 234 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයා සහ පොකිරිස්සන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා හලාවත සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


