ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වූ මාර්ග ධාවනය සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
ලෝක හමුදා දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017 අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගි විය.
යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාපධිති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් ද මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වී සිටියහ. ක්‍රීඩාව තුලින් සන්නද්ධ හමුදාවන් එකමුතු වී ලෝක සාමය ලඟාකර ගැනීමේ අරමුණින් පැවැත් වූ මෙම ධාවන තරඟය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් නිමාවට පත් විය.
අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ වූ අතර, මෙය ලෝකයේ පවතින විශාලතම බහුවිධ සංවිධානයක් වේ. එහි ආරම්භක දිනය වෙනුවෙන් සාමාජික රටවල් 134 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මිත්‍රත්වයෙන් එක්රැස් වී විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලැබේ. එමෙන්ම, 1998 වර්ෂයේ දී අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මෙහෙවර ප්‍රකාශය සඳහා සියලු සාමාජික රටවල් අත්සන් තබා ඇත.












