ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ Kri Sultan Iskandar Muda – 367” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, එහිදී නාවික සම්ප්රදානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහ සුහද ක්රීඩා තරඟ කීපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය. මෙම නෞකාව 22 වන දින නැවත කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතව ඇත.





