නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩාහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කීරමුනාල් මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම පුද්ගලයන්, මුහුදු කූඩැල්ලන් 302 ක්, ඩිංගි යාත්රාවක් සහ කිමිදුම් උපකරණ කට්ටල සමග අත්අඩංගුවට ගත් අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


