තහනම් දැල් 12 ක් නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත්, වාකරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කාත්තන්කුඩි ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැල් 12 ක් සොයා ගන්නා ලදී. මෙහි එක් දැලක් මීටර් 200 ක පමණ දිගකින් යුක්ත වන අතර, දැල් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

