නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
රුහුණු රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය නිහාල් ජිනසේන අනුස්මරණ කුසලාන -2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 18 දින මිරිස්ස මුහුදු තිරයේදී පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 70 දෙනෙකු සහභාගි වු අතර, ලේසර් අංශයේ සහ එන්ටප්‍රයිසස් අංශයේ පළමු , දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණි. තවද එදිනම පැවැත්වූ ජිපී 14 අංශයේ පළමු සහ දෙවන ස්ථාන හා මිනිබී අංශයේ පළමු ස්ථාන දිනා ගැනිමට ද නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායමට හැකි විය.


