නාවික මුර යාත්රා මෙහෙයුම් මගින් උතුරු මුහුදේ ප්රවාහනය කළ කේරළ ගංජා කිලෝග්රෑම් 154. 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට
ශ්රී ලංකා නාවික හමුදා මුර යාත්රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) කන්කසන්තුරේට වයඹ දෙසින් වු මුහුදු ප්රදේශයේ සිදු කළ මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්රෑම් 154. 6 ක් ඩිංගි යාත්රාවකින් ප්රවාහනය කරමින් සිටි ශ්රී ලාංකික පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. එහිදි තවදුරටත් සෝදිසි කටයුතු සිදු කර ගෙන යාමේදි උඩුත්තුරෙයි මුහුදු ප්රදේශයේ ද මෙම කේරළ ගංජා තොගය ප්රවාහනය කිරිමට සම්බන්ධ තවත් ශ්රී ලාංකික පුද්ගලයෙන් දෙදෙනෙකු ඩිංගි යාත්රාවක් සමග අත්අංඩංගුවට ගැනිමට හැකි විය. එම අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ඩිංගි යාත්රා සහ පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
2016 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ ශ්රී ලංකා නාවික හමුදාව මගින් උතුරු මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් කේරළ ගංජා කිලෝග්රෑම් 700 කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත.


