කේරළ ගංජා කිලෝග්රෑම් 3.4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය ඊයේ (24) කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්රෑම් 3. 4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මට්ටක්කුලිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදි. මෙම පිරිස ත්රීරෝද රථයකින් කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටියේ දී මෙලෙස අත්අංඩගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ත්රීරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මට්ටක්කුලිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


