කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව පොලීසිය හා එක්ව ඊයේ (1) මීගමුව ප්රදේශයේ සිදු කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්රෑම් 4ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් ඉදිරි නීතිමය කටයුතු කරනු ඇත.
