ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව දිවයිනට සේන්දු වෙයි
ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප නාවික බලඇණියට අයත් නෞකාවක් වන ෆෝල් රිවර් නෞකාව අද (7) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම නෞකාව, හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 2017 ශාන්තිකර සහයෝගිතා වැඩසටහන සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල් වලට අයත් මැරීන් (Marine) බලකා සාමාජිකයන් සහභාගී කරවීම සඳහා දිවයිනට සේන්දු වී ඇත. ඊට අමතරව නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙන කාල සීමාව තුළදී එහි නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සෞඛ්‍ය සායන, පාසල් හා රෝහල් පිළිසකර කිරීම්, විශේෂඥ විෂය කරුණු හුවමාරු කිරීම්, තූර්ය වාදක, ප්‍රජා සම්බන්ධතා හා සංස්කෘතික වැඩසටහන් මෙන්ම සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කාන්තා භූමිකාව විදහා දැක්වෙන වැඩසටහන් ඇතුළු අංග රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දකුණු ආසියාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයන් සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වන අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි දර්ශණය සහ කාර්යය භාර්ය ෆෝල් රිවර් නෞකාව තනි නෞකාවක් වශයෙන් ඉටු කරනු ලබයි. එමගින්, අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව සහ අනෙකුත් රාජ්‍යයන්ගේ නාවික හමුදාවන් අතර ඉතා උසස් අන්තර් ක්‍රියාකාරී හැකියාවක් විදහා දක්වනු ඇත. එම නෞකාව මෙම මස 18 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
































