කපිතාන් අනිල් බෝවත්ත විසින් සේවා මුක්ත භට සංගමය වෙත ඉඩමක් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත මහතා විසින් ඔහුට අයත් මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි පර්චස් 30 ක නිවසක් සහිත ඉඩම, ත්‍රිවිධ හමුදා ප්‍රවීණ රණවිරු නිවසක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වෙත පසුගිය පෙබරවාරි මස 25 වන දින පරිත්‍යාග කරන ලදී.
ගරුතර මහා සංඝරත්නයේ පිරිත් දේශණා සහ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් නියෝජනය කරමින් එහි සභාපති, බ්‍රිගේඩීයර් කේඒ ඥානවීර මහතා වෙත එම පරිත්‍යාගය ප්රදානය කිරීම සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහ සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.




