ශාන්තිකර සහයෝගීතාවය - 2017 වැඩසටහනට සමගාමීව ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රැසක්
ශාන්තිකර සහයෝගීතාවය (PACIFIC PARTNERSHIP) 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් මේ වන විට සිදු කරමින් පවතී. එහි තවත් වැඩසටහන් කීපයක් අද (10) දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.
ඒ අනුව, ඇමරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන්ට අයත් නාවික පුද්ගලයන් එක්ව හම්බන්තොට මහ රෝහලේදී අක්ෂි සායනයක් සහ හදිසි අවස්ථාවකදී රෝගීන් හට ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වූහ. ඒ සඳහා එම රෝහලේ සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පිරිසක් සහභාගී වී සිටියහ.
තවද, යුද බිමේදී ලබා දෙන ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් කීපයක් හම්බන්තොට පොලිස් ස්ථානයේදී පැවැත්විණි. එම වැඩසටහන ඇමරිකානු නාවික හමුදා පුද්ගලයින් විසින් සිදු කළ අතර, එම වැඩසටහන් සඳහා විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් මෙන්ම හම්බන්තොට පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
එමෙන්ම හම්බන්තොට ගුණානන්ද පෙර පාසලේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා නව අංග සම්පූර්ණ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම් කටයුතු අද දින ආරම්භ කරන ලදී. එම පෙර පාසලට දීර්ඝ කාලයක සිට පැවති එම අවශ්‍යතාවය ඉටු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පෙර පාසලේ ගුරුවරියන්, සිසු දරු දැරියන්ගේ දෙමාපියන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව දෙරටේ නාවික හමුදාවන්ට සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීය.
තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඇමරිකානු නාවික හමුදා නිලධාරීන් විසින් ගාල්ල, කරාපිටිය ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේදී සිවිල් ඉංජිනේරු ක්‍රියාකාරම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා එම ආයතනයේ සිවිල් ඉංජිනේරු නිලධාරීන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහ නාවික හමුදා නිලධාරීන් 4 දෙනෙකු ද සහභාගී වී සිටියහ.
හම්බන්තොට මහ රෝහලේ අක්ෂි සායනයක් සහ හදිසි අවස්ථාවකදී රෝගීන් හට ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීම





යුද බිමේදී ලබා දෙන ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු කිරීම




හම්බන්තොට ගුණානන්ද පෙර පාසලේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා නව අංග සම්පූර්ණ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම





ගාල්ල, කරාපිටිය ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේදී පවත්වන ලද සිවිල් ඉංජිනේරු ක්‍රියාකාරම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන




