හම්බන්තොට සුචී ජාතික පාසලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ
ශාන්තිකර සහයෝගීතාවය 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් අධියරක් ලෙස හම්බන්තොට සුචී ජාතික පාසලේ වෛද්‍ය සායනයක් ඊයේ (10) පවත් වන ලදී.
ඒ අනුව, ඇමරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන්ට අයත් වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් අක්ෂි, දන්ත සහ බාහිර රෝග තත්ත්වයන් හඳුනා ගැනීම පිළිබද වෛද්‍ය සායනයන් කිහිපයක් මෙහිදී සිදු විය. මෙම සායනයන් මගින් රෝගී තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමට හැකියාව ලැබිණි. මෙමගින් එම ප්‍රදේශයේ පාසල් සිසු දරුවන් ඇතුළුව පුද්ගලයින් 577 කට වැඩි පිරිසකට තම වෛද්‍ය ගැටළු හඳුනාගෙන ඒ සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙම මහඟු කාර්යය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන්, සිසු දරු දැරියන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව දෙරටේ නාවික හමුදාවන්ට සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීය.








