පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදා සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
දින 4ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය. ඒ අතර, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සුහද ක්රීඩා තරඟ මෙන්ම විවිධ සංස්කෘතික වැඩසටහන් කීපයකට ද එම නෞකාවන් වල කාර්යය මණ්ඩලය සහභාගී වනු ඇත. එම නෞකාවන් මාර්තු මස 15 වන දින දිවයිනෙන් බැහැර වීමට නියමිතව ඇත.







