පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්රධානී හමුවෙයි
සුහද සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශාහිඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
එම අවස්ථාව සඳහා නෞකාවන්ගේ මෙහෙයුම් අණදෙන නිලධාරී, කොමදෝරු සාකා රේමන් මහතා ද සහභාගී වී සිටියහ. එහිදී, ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





