නයිජීරියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් තිදෙනෙක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
නයිජීරියානු නාවික හමුදාවේ රාජකාරී නියුතු රියර් අද්මිරාල් ටී. ඩික්, කොමදෝරු ඉඕ ෆෙරීරෙ සහ කොමාණ්ඩර් ඒජේ බෙල්ලෝ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



