පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 12 වන දින මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශේත්සාඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එම අවස්ථාව සඳහා පාකිස්තානු නෞකා මෙහෙයුම් අණදෙන නිලධාරී, කොමදෝරු සාකා රේමන් මහතා ද සහභාගී වී සිටියහ. එහිදී, ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






