අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2017, පසුගිය 17 සහ 18 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
උසස් දක්ෂතා පිළිඹිබු වූ මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය පුහුණු නාවික විධානය විසින් දිනා ගත් අතර, එහි අනුශූරතාවය උතුරු නාවික විධානය හිමි කර ගන්නා ලදී. එහි කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය සතු වූ අතර, අනුශූරතාවය උතුරු මැද නාවික විධානය සතු විය.
දින 2 ක් පුරාවට පැවති මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා ජාතික මළල ක්‍රීඩා සංගමයේ විනිසුරුවන්ගේ පූර්ණ සහයෝගීත්වය ලැබුණු අතර, ඉතා වර්ණවත් ලෙස පැවැත්වූ එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය. එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.













