නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විසල් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රීයේ කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා පි 432 වේග ප්‍රහාරක යාත්‍රාව පිටත් කර යැවීමට කටයුතු කළ අතර, දෙවුන්දර තුඩුව වරායේ සිට නාවික සැතපුම් 106 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ගාල්ල ශ්‍රි ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කෙරිණි.





