අනවසරයෙන් මුහුදු ක්ෂීරපායීන් ඡායාරූප ගත කළ විදෙස් සහ ලාංකීක පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අවසර නොමැතිව මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කටයුතු සිදු කර ඡායාරූප ලබාගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ලාංකීක පුද්ගලයන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.
මෙහිදී ඩිංගි යාත්රාවක්, කැමරාවක් (වතුර යට ඡායාරූප ලබා ගන්නා) , ඩිජිටල් කැමරාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 5 ක් සහ මුහුණු ආවරණ 6 ක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මිරිස්ස වනජීවී නිලධාරී වෙත භාර දෙන ලදී.





