චීන තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද යුද, නාවික, ගුවන් උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා මහජන චීන සමූහ ආණ්ඩු තානාපති කාර්යාලයේ යුද, නාවික, ගුවන් උපදේශක වශයෙන් නව පත්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


