දෙවන සැපයුම් සමුළුව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමා වේ
තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ 2017 සැපයුම් සමුළුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (24) පැවැත්විණි. සාගරික සැපයුම් කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත් විය.
වෘත්තිකයන්, විද්වතුන්, විදෙස් නාවික හමුදා සාමාජිකයන් යුද, ගුවන් හමුදා සාමාජිකයන් ජාතික හා පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජිතයන්, රජයේ ආයතන සහ පුද්ගලික ආයතන මෙන්ම ක්ෂේත්රයට සම්බන්ධ කීර්තිමත් විද්වතුන් විශාල පිරිසක් ද මෙම සමුළුවට එක් විය. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වූ අතර, එහි ප්‍රධාන දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ ගමනාගමන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් එස් කුමාරගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.
සැපයුම් හා සේවා ක්ෂේත්රය පිළිබඳ ඇති දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් මෙම සම්මන්ත්රනය සංවිධානය කළ අතර, ඒ සඳහා සහභාගී වන සියළුම දෙනාගේ දේශන හා සාකච්ඡා තුළින් ඔවුනොවුන්ගේ හැකියාවන් හා දැනුම් සම්භාරයන් හුවමාරු කර ගැනීමට එතුළින් අවස්ථාව සැලසිණි. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේ අරමුණු අතර, සැපයුම් හා භාණ්ඩ සේවා ක්ෂේත්රයේ නව වර්ධන ප්රවනතාවයන් පිළිබඳව එම අංශයන් හි නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම, සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ අනෙකුත් අංශ නිලධාරීන් සතු දැනුම ඉහළ නැංවීම, ව්‍යාපාරික ක්ෂේත්රයේ විද්වතුන් විසින් ඉදිරිපත් කරන දේශන හා නිබන්ධන තුළින් සැපයුම් හා සේවාවන් පිළිබඳ දැනුම සහ තාක්ෂණික කුසලතාවයන් උකහා ගැනීමට හා හුවමාරු කර ගැනීමට එකිනෙකා හට අවස්ථාව සැලසීම යන කරුණු ප්‍රමුඛතාවයක් ගන්නා ලදී.

























